FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 15 ක් දිවයිනට..

නීතිවිරෝධී ක්‍රම මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන රැදවුම් මධ්‍යස්ථානවල රඳවා පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු අද (04) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි තිබේ.

කටුනායක ගුවන් තොටුපොළේ දී මේ පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමෙන් පසු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිතය බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)