FAST NEWS

24×7 Around the Globe

නව පළාත් පාලන සංශෝධන කෙටුම්පතට විරුද්ධ බව අැමතිනි ප්‍රනාන්දුපුල්ලේ කියයි..

කාන්තා නියෝජනයේ 25% නව පළාත් පාලන සංශෝධන කෙටුම්පත තුළින් අහිමි වන නිසා තමන් එයට විරුද්ධ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (03) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළාය.

එ අනුව එය ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් තමන් විරුද්ධව ඡන්දය ලබාදෙන බවද ඇයි පැවසීය.

මෙම මාධ්‍ය හමුවටම එක්ව අදහස් දැක්වූ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ අමාත්‍යවරියගේ කේන්තිය සාධාරණ බවත් සාකච්ඡා කර ඇගේ ගැටළුවට විසඳුමක් දීමට බලාපොරොත්තු වන බවත් ය.

(DE සිල්වා)