FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම රන්දෝලි පෙරහැර වීදි සංචාරය අද …

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර වීදි සංචාරය අද (03) රාත්‍රියෙන් ආරම්භ වේ.

ප්‍රථම රන්දෝලි පෙරහැර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් අද රාත්‍රි 06.44 ට වයඹ දිසාව බලා පිටත්වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා නිකුත් කළ වාර්ෂික ඇසළ පෙරහැර පිළිබඳ නිවේදනයේ දැක්වේ.

රන්දෝලි සහිත දේවාල පෙරහැර ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී මහා කතරගම සහ ශ්‍රී මහා පත්තිනි දේවාලයන්ගෙන් රාත්‍රි 06.39 ට පිටත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිsටින් ආරම්භ වන රන්දෝලි පෙරහැර දළදා වීදිය, ඩී. එස්‌. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ. එල්. සේනානායක වීදිය, හරස්‌ වීදිය, යළි ඩී. එස්‌. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්‌සේ ගමන් කර ගෙවදීමට නියමිත බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්.

(DE සිල්වා)