FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර හා දකුණූ මුහුදු ප්‍රදේශවලට සුළං..

දිවයිනේ දකුණු අර්ධයේ මෙන්ම මධ්‍යම කඳුකරය හරහා සහ බස්නාහිර, දකුණු මුහුදු ප්‍රදේශවල අද (03) සුළඟේ වේගය වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් වයඹ පළාතෙත්, කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව එම නිවේදයේ දැක්වේ.

මේ අතර රත්නපුර, කෑගල්ල, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථානවල මි.මී.50ක් පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

(DE සිල්වා)