FAST NEWS

24×7 Around the Globe

නියගයෙන් ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 5,000/- වියළි සලාකයක්..

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් හදුනාගෙන එම පවුල්වල සාමාජිකයින්ගේ ශ‍්‍රම දායකත්වය පොදු වැඩ සඳහා යොදවා ගැනීමේ පදනම මත, රුපියල් 5,000/-ක් වටිනා වියළි ආහාර සලාකයක් අගෝස්තු මස සිට මාසිකව එම පවුල් වෙත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 17ක පවුල් 500,000ක් පමණ පීඩාවට පත්ව ඇති බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එසේම සිදු වී ඇති වගා හානි සඳහා අදාළ රක්ෂණාවරණයන් යටතේ කඩිනමින් වන්දි ලබා දීමටත්, පානීය ජලය බෙදාහැරීමේ වැඩසටහන් තවදුරටත් අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමටත් තීරණය වී ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

(DE සිල්වා)