FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධි පාගමනට එරෙහි තහනම ඉවතට..

පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කළ සයිටම් විරෝධී පාගමන සිකුරාදා (04) දින පෑලියගොඩින් කොළඹට ඇතුළුවීම තහනම් කරන ලෙස පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් ඊයේ (02) ප්‍රතික්ෂේප කළේය.

මහජන සාමය කඩවන සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි මෙම පෙළපාළිය පෑලියගොඩ ප්‍රදේශයෙන් කොළඹට ඇතුළුවීම වළකාලමින් තහනම් නියෝගය නිකුත් කරන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මහජන සාමය කඩවන පරිද්දෙන් උද්ඝෝෂකයින් කටයුතු කළහොත් අපරාධ නඩු විධාන පනතේ 95(1) වගන්තිය අනුව කටයුතු කරන ලෙස අධිකරණය මෙහිද පොලිසියට දැන්වීය.

(DE සිල්වා)