FAST NEWS

24×7 Around the Globe

ඩී.කේ.පී දසනායක යළි රිමාන්ඩ්..

ඉකුත් ජුලි 12 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා අගෝස්තු 10 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

2008-2009 කාලයේ කොළඹ ප‍්‍රදේශයේ දී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඔවුන්ව නීතිවිරෝධී ලෙස රඳවා තබා ගෙන අනතුරුව අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශනවලට අදාළව ඉකුත් 12 වන දින මොහු අත්අඩංගුවට ගත්තේය.

(DE සිල්වා)