සියලු පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීම එක් දිනක් තුළ පැවැත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සකස් කරන ලද විසි
වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ, ඊට අදාළව 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම පනත් කෙටුම්පත සංශෝධිත විධිවිධාන සහිතව ගැසට් කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනතේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා ජූලි මස 25 වන දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිණි.
මෙම යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.









