FAST NEWS

24×7 Around the Globe

මාහාධිකරණ විනිසුරුවන් ගණන වැඩි කිරීමට කැබිනට් අනුමැතිය..

මහාධිකරණයට විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩිකිරීම සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

එ අනුව මහාධිකරණ සඳහා දැනට අනුමත විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 75 ක් වන අතර එය සිට 85 දක්වා වැඩි කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනටමත් සකස් කර තිබේ.

ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මෙම අනුමැතිය හිමී විය.

මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු විසඳීමට අදාළව දක්නට ලැබෙන ප්‍රමාදයන් අවම කරමින් එම කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සිට යෝජනාව මගින් පෙන්වා දී තිබේ.

(DE සිල්වා)