FAST NEWS

24×7 Around the Globe

විරෝධතා පාගමනකින් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක්..

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආරම්භ කර ඇති සයිටම් විරෝධී පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ මෙවන විට දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බව පොලීසිය පවසයි.

එසේම මෙම විරෝධතා පාගමන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගමන් කෙරෙන බවද වාර්තා වේ.

මේ අතර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සයිටම් විරෝධී ජන පවුර විසින් සංවිධානය කළ විරෝධතා අද(02) දිනයේ දිවයින පුරා පැවැත්වෙයි.