FAST NEWS

24×7 Around the Globe

සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වන්නේ සැප්තැම්බර් අවසානයේ..

දැනට  දිවයිනේ අධික වියළි කාලගුණ තත්ත්වයක් පවතින ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වන්නේ සැප්තැම්බර් මාසයේ අවසන් සතියෙන් පසුව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සමහර ප්‍රදේශවලට මේ මාසය තුළ සුළු වශයෙන් වැසි තත්ත්වයක් ඇති වුවද, එම වැසි පවතින වියළි කාලගුණ තත්ත්වය නිමා කිරීමට ප්‍රමාණවත් නොවන බවද එම දෙපාර්තමේන්තුවේ  පෙන්වා දෙයි.
වියළි කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්ක 17 තුළට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇ

තිවන්නේ අන්තර් මෝසම් වැසි ඇති වීමෙන් පසු බවත්, එම වැසි සැප්තැම්බර් මස අවසන් සතියෙන් පසු ඇති වන බවත් එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)