FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන් තොටේදී මගීයෙකු මරුට..

අද අලුයම 4.20 ට පමණ සෞදි අරාබියේ ජෙඩා  නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 282 දරන ගුවන් යානයෙන් ,ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගියෙකු  කටුනායක ගුවන් තොටුපොළේ දී මිය ගිය බව ගුවන්තොයුපොල පොලීසය පවසයි.

ඔහු ශ්‍රී ලංකාවේ මහනුවර ,තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි  49 හැවිරිදි අබුබකර් අබ්දුල් වාහිඩ් නැමැති මොහුට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වන්නට ඇතැයිද පොලීසිය කියයි.

මොහු දැනට සෞදි අරාබියේ ජෙඩා නුවර ස්ථිර පදිංචිව සිටින අතර , සිය බිරිඳ ආපසු කැඳවා ගෙන යෑමට පැමිණ ඇති බවත් පැවසේ.

(DE සිල්වා)