2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාලව උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එ අනුව උසස් පෙළ විභාගය අවසන් වන සැප්තැම්බර් මස 02 වනදා දක්වා මාසයක කාලයක් මෙම තහනම ක්‍රියාත්මක වේ.
එම කාලය තුළ උපකාරක පන්ති සංවිධානය කිරීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම මෙන්ම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම හා විභාග ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම තහනම් වන බවද එම දෙපාර්තුමෙන්තුව සඳහන් කරයි.
එසේම යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විභාග දෙපාර්තමේන්තුව ලබා දෙන මෙම නියෝග නොසලකා කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව විභාග පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවද එම දෙපාර්තුමේන්තු වැඩි දුරටත් පවසයි.
මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 08 වනදා ආරම්භ වන අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 20 වනදා පැවැත්වීමට නියමිතයි.
(DE සිල්වා)