FAST NEWS

24×7 Around the Globe

අද ජාතික විරෝධතා දිනය ලෙස නම් කෙරේ..

අද(02) දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර ඇති බවත් එ අනුව , අද දිනයේ දිවයින පුරා විරෝධතා පැවත්වීමට කටයුතු යොදා ඇති බව “සයිටම් විරෝධී ජන පවුර සංවිධානය“ පවසයි.

එසේම මෙම විරෝධතා දිනය සඳහා තමන් ද සහය වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන අතර ,අද දහවල් 12.00ට කොළඹ ජාතික රෝහල අසලින් විරෝධතා පාගමනක් සංවිධානය කර ඇති බවද එම සංගමය කියයි.

මේ අතර මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, ශිෂ්‍ය මර්දනය ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමන අද (02) නෙළුම්දෙණියේ සිට නිට්ටඹුව දක්වා පැමිණීමට නියමිත බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

(DE සිල්වා)