FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන් ජනපතිට ඉල්ලිමක්..

මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

අදාළ සිද්ධිය හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකීරිමෙන් සිටින බවත් ,බැදුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් මෙන්ම සෙසු පුද්ගලයින්ට ද නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුහු ජනාධිපතිවරයා වෙත අවධාරණය කර ඇති බවද පැවසේ.