FAST NEWS

24×7 Around the Globe

කෝපායිහිදී පහරදීමට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

යාපනය කෝපායිහිදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අද (01) පෙරවරුවේ යාපනය හා කෝපායි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

තිවරාසා මධුෂාන්නැමැති අවුරුදු 20ක තරුණයෙකු හා විජයරත්නම් සිවරාජ් නැමැති අවුරුදු 23ක තරුණයෙකු මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් පැවසේ.

සැකකරුවන් අද (01දා) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)