FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් දෙකකට අපදා කළමණාකරණයෙන් අනතුරු ඇගවිම්..

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර සහ මාතර දිස්ත්‍රික් දෙක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

 ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එරත්න ඇතුළු ග්‍රාම නිලධාරී කොට්ඨාස 09කට ද, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද නායයෑම් නිවේදන නිකුත් කොට ඇත.

වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම, පොළොවේ ගිලා බැසීමේ සහ පස් කණ්ඩි කඩා වැටීම් අවධානම පිළිබඳ අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයකට යාමට සූදානම්වන ලෙස ද ඔවුන් මහජනතාවගෙන් ඉල්ලයි.