FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අඩාල වෙයි..

අනුරාධපුර – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ සාලියපුර – උත්තරසාලිය විහාරස්ථානය ඉදිරිපිටදී ඊයේ(30) රාත්‍රියේ අධිබලැති විදුලි ට්‍රන්ස්ෆෝමරයක මෝටර් රථයක් ගැටීමෙන් මේ වනවිට ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇණහිට ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.

මෙම මෝටර් රථය තවත් රථයක ගැටී ඇති අතර, පසුව එය විසිවී ගොස් අදාළ ට්‍රන්ස්ෆෝමරයේ ගැටී තිබේ.