FAST NEWS

24×7 Around the Globe

නුවර පෙරහර මංගල්‍යයට විශේෂ දුම්රිය සේවා..

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

අගෝස්තු මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා කාලය තුළ සාමාන්‍ය දුම්රියන්ට අමතරව මෙසේ විශේෂ දුම්රිය ධාවනයට එක්කර තිබේ.

ඒ අනුව අගෝස්තු 7 වැනිදා මහනුවරින් ප.ව. 11.45 ට පිටත්වන දුම්රියක් මාත‍ලේ දක්වාත් මධ්‍යම රාත්‍රි 12.30 ට මාතලෙන් පිටත් වන දුම්රියක් මහනුවර දක්වාද ධාවනය වීමට නියමිතය.

එසේම අගෝස්තු 08 වැනිදා ප.ව. 2.40 ට මහනුවරින් පිටත්වන දුම්රියක් මාත‍ලේ දක්වාත්, පෙ.ව. 7.05 ට කොළඹ කොටුවෙන් පිටත්වන දුම්රියක් මහනුවර දක්වාද ප.ව. 6.30 ට මහනුවරින් ගමන් අරඹන දුම්රියක් කොළඹ කොටුව දක්වාද ධාවනය වේ.