FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිට ජී.එම්.ඔ.එ විරෝධය..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස ළමා රෝග විශේෂඥ මහාචාර්ය ළමාබදුසූරිය මහතා පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා යෝජනා කර ඇති බවත් ,මහාචාර්ය ළමාබදුසූරිය මහතා සයිටම් හිතවාදියකු වන හෙයින් ඔහුගේ පත් කිරීමට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා තිබේ.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගෙන් පසු ඇතිවූ පුරප්පාඩුවට මහාචාර්ය ලලිතා මෙන්ඩිස්, වෛද්‍ය පාලිත අබේකෝන්, මහාචාර්ය කොල්වින් ගුණරත්න යන මහත්වරුන්ගේ නම් ද මීට පෙර යෝජනා වුවද ඔවුහු තනතුර බාරගැනීමට අකමැත්ත පළ කර සිටියේය.

(DE සිල්වා)