FAST NEWS

24×7 Around the Globe

යාපනයේ උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදමක්.

යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයින් පිරිසක් යාපනය තුන්නාලෙයි වල්ලිමඩම් හීදි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමෙන් එම නිලධාරියා තුවාල ලබා යාපනය චාවකච්චේරි රෝහල වෙත ඇතුලත් ඇතැයි යාපනය නෙල්ලිඅඩි පොලිසිය කියයි.

නිවාඩු ලබා කොඩිකාමම් පේදුරුතුඩුව මාර්ගයේ යතුරු පැදියකින් නිවසට ගමන් කරමින් සිටියදී යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනකු විසින් උප පොලිස් පරීක්ෂකවරයා ගමන් ගත් යතුරුපැදිය අවහිරකොට නවත්වා පහරදීම සිදුකොට ඇතැයි පොලිසිය පවසයි.

ඔහුගේ තත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.