FAST NEWS

24×7 Around the Globe

යුරෝපා සංගමය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. ය තහනම්..

යුරෝපා අධිකරණ කොමීසම එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධායක ලැයිස්තුවෙන් ඉවත් කළත් යුරෝපා සංගමය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. තහනම ක්‍රියාත්මක බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එ අනුව එම සංවිධානයට එරෙහිව යුරෝපා සංගමය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක බවද යුරෝපා සංගමය සඳහන් කර තිබේ.

යුරෝපා අධිකරණය ගත් තීන්දුව සමීපව අධ්‍යනය කරන බවත් අවශ්‍ය වුවහොත් එම තීරණයට වෙනස් කම් සිදුකරන බව එම සංගම වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

(DE සිල්වා)