FAST NEWS

24×7 Around the Globe

සවස 6.30 වන තෙක් අත්‍යවශ්‍ය සේවා ඉටු කෙරේ – බවුසර් 15 ක් පිට වෙයි..

බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන තුරු අද සවස 6.30 වන තෙක් අත්‍යවශ්‍ය සේවා ඉටු කිරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකඟ වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම කොළොන්නාවේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා යුද හමුදා මැදිහත්වීමෙන් මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර හැර ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

(DE සිල්වා)