FAST NEWS

24×7 Around the Globe

රවීට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක් !

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සාකච්ඡා කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කළේය.

බැඳුම්කර වංචාව තුළින් මේ රටේ ජනතාවට සිදුවන අසාධාරණය වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ඒකාබද්ධ විපක්ෂයෙන් ගන්නා බව ද හෙතෙම අවධාරණය කළේය.

(DE සිල්වා)