FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මරණ 301 ක් – බස්නාහිර තෙදින ඩෙංගු මර්දන වැඩ සටහනක්..

මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් එක්ලක්ෂ පන්දහසක් හා මරණ 301ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එසේම හෙට(27) දින සිට බස්නාහිර පළාත තුළ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙම වැඩසටහනේදී නිවාස හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව සඳහන්ය.

මේ යටතේ 28 වන දින පාසල් පිරිසිදු කිරීම විශේෂයෙන් සිදුවන අතර අගෝස්තු නිවාඩු මාසයේදී ද සතියකට වරක් පාසල් පද්ධති පිරිසිදු කිරීමේ කටයුතු සිදුකිරීමට සැළසුම් කර ඇති බව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(DE සිල්වා)