ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ලංකා ඛනිජ තෙල් සංස්‌ථා සේවකයින් පෙරේදා (24 දා) සිට ඇරඹූ අඛණ්‌ඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති නායකයෝ පවසති.
ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම් වරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වු බවත් සිය ඉල්ලීම් සම්බන්ධව මේ වනතෙක් රජයේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය ඊයේ (25) අවධාරණය කළේය.
හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය චීනයට ලබානොදීම, ත්‍රිකුණාමලය හා සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව රජය යටතේ පවත්වාගෙන යැම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් තුනක් සම්බන්ධව රජයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වැඩවර්ජනය ගෙනයන බවද එම සංගමය කියයි.
(DE සිල්වා)








