FAST NEWS

24×7 Around the Globe

සංස්ථා අලෙවි සැල්වලින් 60% ක ඉන්ධන අවසන්..

ඉල්ලිම් කිහිපයක් මුල්කරගෙන සිදුකෙරෙන වර්ජනය හේතුවෙන් ඛනිජතෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාගන්නා දිවයින පුරා ඉන්ධන අලෙවි සැල්වලින් වැඩි 60 % ප්‍රමාණයක මේ වනවිට ඉන්ධන අවසන් වී ඇති බවට වාර්තා වන බව ඛනිජ තෙල් වෘත්තීය එකමුතුව සඳහන් කරයි.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ඊයේ (24දා) මධ්‍යම රාත්‍රී 12 සිට මේ වනවිට සපුගස්කන්ද හා මුතුරාජවෙල තෙල් ගබඩාවලින් ඩීසල් මෙට්‍රික්ටොන් 5000ක් ප්‍රෙටරල් මෙට්‍රික්ටොන් 2500ක් හා භූමිතෙල් මෙට්‍රික්ටොන් 200ක් වෙළඳපොළට නිකුත්විය යුතු බවද එම සංගම පෙන්වා දෙයි.

එහෙත් එම කාලය තුළ මෙම ස්ථානවලින් ඉන්ධන ලීටරයක්වත් මුදාහැර නොමැති බවද එම සංගමය වැඩි දුරටත් කියයි.

(DE සිල්වා)