FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොමීසම මාස 03 කින් දිර්ඝ කෙරේ..

ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය මාස 03 කින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද(25) ප්‍රකාශයට පත් කළ බව රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග පවසයි.

එ අනුව බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත් කළ කොමිසමේ වාර්තාව බාරදිය යුතු දිනය 2017 ජූලි 27 සිට ඔක්තෝබර් 27 තෙක් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

(DE සිල්වා)