FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීහු වර්ජනය අරඹති..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) පෙරවරු 08 සිට හෙට (26) පෙරවරු 08 දක්වා පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කළ බව එම සංගමය පවසයි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට උත්සාහ දැරීම සහ සිසුන් මර්දනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහි ආදී කරුණු මුලික කොට ගෙන මෙම වර්ජනය සිදු කෙරෙන බවද එම සංගමය කියයි.

කෙසේවෙතත් ඩෙංගු රෝගීන් සඳහා කෙරෙන ප්‍රතිකාර සේවා අඛණ්ඩව සිදු කෙරෙන බවද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

(DE සිල්වා)