FAST NEWS

24×7 Around the Globe

නල්ලුර් වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු පොලිසීයට බාර වෙයි..

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු අද (25) පෙරවරු 07 ට පමණ යාපනය පොලීසියට බාර වි ඇතැයි වාර්තා වේ.

පසුගිය ජූලි මස 22 වන දා යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවු අතර,අදාළ වෙඩි තැබීමෙන් විනිසුරුවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය 23 වන දා පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනි.

(DE සිල්වා)