FAST NEWS

24×7 Around the Globe

හෙට වර්ජනය අනිවාර්ය බව වෛද්‍ය සංගමය කියයි..

හෙට (25) පෙරවරු 08 සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති දිප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අනිවාර්යයෙන්ම සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැර ගෙන යාමට තැත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය දියත් කරන බවත් එම සංගමය අවධාරණය කරයි.

මේ අතර, සයිටම් විරෝධී ජනපවුර සංවිධානය මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට දිවයිනේ ප්‍රධාන නගරවල අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක අද (24) උදෑසන නිරත විය.

(DE සිල්වා)