FAST NEWS

24×7 Around the Globe

ඇමති රවී බැදුම්කර කොමීසමට කැඳවේ…

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අඟහරුවාදා (25) ජනාධිපති බැඳුම්කර කොමිසම වෙත කැඳවා ඇති වාර්තා වේ.

ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ රවී කරුණානායක මහතා වීම නිසා හෙතම කොමීසම වෙත කැඳවා ඇති බවද පැවසේ.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමැතිවරයා දන්නා කරුණු සහ ඔහුගේ මැදිහත්වීම පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා හෙතෙම මෙලෙස කැඳවා ඇති බවද පැවසේ.

(DE සිල්වා)