FAST NEWS

24×7 Around the Globe

අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි..

කණ්ඩායම් දෙකක් අතර ඊයේ(21) රාත්‍රියේ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ ඇතිවූ ගැටුමක් අතරතුර එම ස්ථානයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇත.

ප්‍රහාරය හේතුවෙන් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් 14 දෙනෙකු ඇඹිලිපිටිය රෝහලටත් 3 කු තංගල්ල රෝහලටත් ඇතුල්කර තිබේ.

ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ වැටිය හංදිය ප්‍රදේශයෙදීයි මෙම ගැටුම ඇතිවී ඇති අතර පොලිසිය ප්‍රකාශ කරන්නේ ගැටුම ඇතිවූ අවස්ථාවේ එම ස්ථානයට අවට නිවෙස්වල පුද්ගයින්ද එක්රැස් වී සිටි අවස්ථාවේ මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

සිද්ධිය සම්න්ධයෙන් අඟුණුකොළපැලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.