FAST NEWS

24×7 Around the Globe

කිලෝ 218 කොකෙන් සිද්ධියට 07 ක් අත්අඩංගුවට..

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සීනි කන්ටේනරයක් තුළ තිබී ඊයේ (19) සවස සොයාගනු ලැබූ කොකේන් වල මුළු බර කිලෝ 218 ග්‍රෑම් 600ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

එම කොකේන් ප්‍රමාණයෙහි මුළු වටිනාකම රුපියල් මිලියන 3.2ක් බවත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කන්ටේනර් රියදුරු හා කොකේන් පැකට් දෙකක් සොරාගත් රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන් දෙදෙනකු ද වන බවද පොලීසිය කියයි.

(DE සිල්වා)