FAST NEWS

24×7 Around the Globe

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු පංති වර්ජනය කරති..

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සියලුම සිසුන් අද (20) පංති වර්ජනයක නිරත වන බව වාර්තා වේ.

විශ්ව විද්‍යාල පාලන අධිකාරිය විසින් සිසුන් 8 දෙනකුට පනවා ඇති පංති තහනම ඉවත් කරගන්නා ලෙස ඉල්ලා ඔවුන් මෙම වර්ජනයේ නිතරත වන බවත් වාර්තා වේ.

පසුගිය ජුනි 19 වැනිදා යාපනය සරසවියට පැමිණි නවක සිසු සිසුවියන්ට නවක වදය දී නවක සිසුන් දෙදෙනෙකුට පහර දීමක් හේතුවෙන් පහර කෑමට ලක් වූ සිසුන් දෙදෙනා රෝහල ගතවූ අතර ඒ සම්බන්ධයෙන් කෝපායි පොලීසියේ මැදිහත් වීමෙන් සමතයකට පත් වුවද විශ්ව විද්‍යාල පාලන අධිකාරිය කරන ලද විනය පරික්ෂණයකින් පසු සිසුන් 08 දෙනකුගේ පංති තහනම් කෙරුණි.

(DE සිල්වා)