FAST NEWS

24×7 Around the Globe

දිවයින වටා මුහුදේ තද සුළං..

අද (19) දිනයේ පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

ඒ අනුව අතැම්විට එම ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 70 දක්වා වර්ධනය විය හැකි බවත්, මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් එම නිවේදනයෙහි සඳහන්.

(DE සිල්වා)