FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ චෝදනාවට රාජීතගෙන් පිළිතුරු..

සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන් පිරිසක් එක් කර ගනිමින් නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකර ඇති ප්‍රකාශය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ වුවද එයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත.

වෘත්තීය සමිති ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලබන්නේ වෛද්‍යවරුන් මිස සෞඛ්‍ය අමාත්‍යවරයා නොවන බවත්, මෙය ප්‍රථම වතාවට සිදුවන කර්තව්‍යයක් නොවන බවත් අමාත්‍යවරයා විසින් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.