FAST NEWS

24×7 Around the Globe

මුලතිව් පාසලක පිපිරිමකින් සිසුන් 08 ක් රෝහල් ගත කෙරේ..

මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුර දී අසල තිබූ කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන්  08 දෙනකු අද ( 18) උදෑසන මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

ඩෙංගු මර්දන වැඩසටහන අතර පාසල් සිසුන් විසින් එක් රැස් කරගන්නා ලද කසල එකතු කොට ගිනි තබා ඇති අතර එහිදී එක් කසල ගොඩක් හදීසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් අසල සිටි සිසු සිසුවියන් හට කම්පන තත්වයක් ඇතිවී තිබේ.

පිපීරීමෙන් කිසිවකුට හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නැති බවත් කිසියම් වූ පුපුරණ ද්‍රව්‍යයක් තිබී කසල ගොඩ පුපුරා යන්නට ඇති බවට  සැක කරන බවත් මුලතිව් පොලීසිය වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)