රජයේ මුදල් අවශ්‍යතාවයක් පිළිබඳ මුදල් අමාත්‍යවරයා විසින් සෘජුව මහ බැංකු අධිපතිවරයාට ලිපියක් ලියමින් දැනුම් දුන් අවස්ථාවක් තම දැනුමට අනුව මීන් පෙර සිදුවී නැතැයි මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (17 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂහීඩා බාරි මහත්මිය විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආටිගල මහතා මේ බව කොමීසම ඉදිරියේ ප්‍රකාශ කළේය.
එසේම 2015.02.27 දිනට පෙර හෝ 2015 පෙබරවාරි මස අගදී හෝ රජයේ මුදල් ප්‍රවාහ ප්රකාශනයට අමතරව හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හෝ මුදල් ඇමැතිවරයා තමාට දැනුම් දීමක් නොකළ බවද හෙතෙම මෙහිදි අනාවරණය කර සිටියේය.
රජයේ වෙනත් දෙපාර්තමේන්තුවක් හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් විසින් හෝ එවැනි හදිසි අරමුදල් අවශ්‍යතාවක් ඇති බව දැනුම් දුන් බවක් තමාට මතක නැති බවද ආටිගල මහතා පැහැදිලි කළේය.
එවැනි අතිරේක මුදල් අවශ්‍යතාවක් තිබුණේ නම් එය රජයේ අරමුදල් ප්‍රවාහ ප්රකාශනයේ දැක්විය යුතු බවද එය හැම විටම මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලිඛිතව දන්වන බවද එය සාමාන්‍යයෙන් සිදුවන සම්මත ක්‍රමය බවද එස්. ආර්. ආටිගල මහතා තවදුරටත් කොමිසම ඉදිරියේ සඳහන් කර සිටියේය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂහීඩා බාරි මහත්මියගේ මෙහෙයවීමෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා සාක්ෂි දුන්නේය.
මීට පෙර මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතා විසින් (හිටපු) මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අත්සන් කර රු. බිලියන 75 ක අරමුදල් අවශ්‍යතාවක් ඇති බව කියමින් මහ බැංකු අධිපතිවරයාට දාතමක් රහිතව යවන ලදැයි කියන ලිපියක් කොමිසමට ඉදිරිපත් කර තිබුණි. එම ලිපිය කොමිසමේ ලේඛනයක් ලෙසද සලකුණු කරනු ලැබිණි.
කොමිසම යළි අද (18 දා) උදේ 10.00 ට රැස් වීමට නියමීතය.
(DE සිල්වා)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.