FAST NEWS

24×7 Around the Globe

ISIS සංවිධානය රසායනික අවි ප්‍රහාර දියත් කළ බව අනාවරණය වෙයි.

ජුනි මස අවසානයේදී ISIS සංවිධානය විසින් කුර්දි ගම්මානයකට විෂ වායු ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි සිරියානු මානව හිමිකම් නිරීක්‍ෂණාගාරය පවසා තිබේ.

මින් පෙරද ISIS විසින් රසායනික අවි සිය ප‍්‍රහාරයන් සඳහා යොදාගත් බවට වාර්තා වුවත් ජුනි 28 වනදා එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳ තහවුරු කිරීම සඳහා තමන් සතුව සියලූ සාක්‍ෂි ඇතැයි සිරියානු මානව හිමිකම් නිරීක්‍ෂණාගාරය සඳහන් කර ඇත.

සිරියාවේ ඊසානදිග අල් හසාකේ පරිපාලන ප‍්‍රදේශයේ ටාල් බ‍්‍රාක් නගරයට දකුණුදිගින් පිහිටි රජ්ම් අල් ට්ෆිහි ගම්මානයට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇතැයි පැවසේ.

ISIS විසින් එල්ල කළ ෂෙල් ප‍්‍රහාරයකින් අනතුරුව ගම්මානයේ රැඳී සිටි කුර්දි ජනතා ආරක්‍ෂක හමුදාවේ සෙබළුන් 12 දෙනෙකු වමනය හා ඇස් දැවිල්ල ආදී රෝගී තත්වයන්ගෙන් පෙලී ඇති අතර ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීම හේතුවෙන් සියලූ දෙනාගේ දිවි බේරාගැනීමට හැකිවූ බව වාර්තා වී තිබේ.

වෛiවරුන් විසින් සිදුකළ පර්යේෂණවලින් මෙම ප‍්‍රහාරය සඳහා යම් කිසි විෂ වායුවක් භාවිතා කර ඇති බව තහවුරු වී ඇති නමුත් ඒ ක්ලෝරීන් වායුවද යන්න තහවුරු කිරීමට අපොහොසත්වී ඇත.

කුර්දි ජනතා ආරක්‍ෂක හමුදාවේ ප‍්‍රකාශක රෙඩූර් සෙලිල් පවසා ඇත්තේ කුර්දි ජාතිකයින්ට එරෙහිව ISIS විසින් රසායනික අවි භාවිතා කළ බව තහවුරු වූ පළමු අවස්ථාව මෙය වන බවයි.

1300කට මරු කැඳවමින් 2013 අගෝස්තු මසදී සිරියාවේ ගෞටා නගරයට එල්ලවූ සාරින් වායු ප‍්‍රහාරයේ වගකීම අසාද් රජය වෙත එල්ලවුවද එයද ISIS සටන්කාමීන් විසින් එල්ල කළ බව ඇතැම් විචාරකයින් පවසන ලදී.