2017 දෙසැම්බර් 31 වැනිදා තෙක් තමා සමඟ ආණ්ඩුවේ සිටින්නැයි, ජනාධිපති නිල නිවසේ පෙරේදා (11) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ සිටින මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
කිසිවෙනකු හෝ ආණ්ඩුවෙන් යාමට උත්සාහ කරන්නේ නම් අතින් අල්ලා නතර කිරීමේ අවශ්‍යතාවක් තමාට නැතැයි , ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව පැවසේ.
එක්සත් ජාතික පක්ෂය සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.
එසේම තවත් මැති ඇමැතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා ගන්නා තීන්දු තිරණවලට සහාය දෙමින් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවය.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්විය නොහැකි වුවද යම් යම් සාධනීය පියවර කිහිපයක් ගැනීමට හැකිවූ බව ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවට අදහස් දක්වා ඇති මැති ඇමැතිවරුන් ප්‍රකාශ කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වුවද ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉඳිමින් ජනාධිපතිවරයාට සහයෝගය දිය යුතු බවද වාර්තා වේ.
මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශවලින් අනතුරුව අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා නැවත මහ මැතිවරණයක් එන්නේ 2020 දී බැවින් ළඟ බලා තීන්දු නොගන්නැයිද ,එබැවින් ලබන දෙසැම්බර් 31 වැනිදා වනතෙක් තමන් සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ද ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කියයි.
(DE සිල්වා)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.