FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තෑපැලට.

ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්දදායකයන්ට ලබාදීම සඳහා මේ මස 29දා තැපෑලට භාරදෙන බව මැතිවරණ කාර්යාලය පවසයි.අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන අගෝස්තු මස 02දා හා 09දා නම් කර ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවැසීය.

ලබන අගෝස්තු 10දා වන විට සියලුම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කිරීමට නියමිතව ඇත. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වනවිට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරමින් පවතී.