FAST NEWS

24×7 Around the Globe

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමේ..

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට ඊයේ (11දා) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙවී ගිය කාලය තුළ එහි කටයුතු පිළිබඳ සංක්‍ෂිප්ත වාර්තාවක් ද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

2015 ජූලි 02 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පත්‍රිකාවක් අනුමත වීමෙන් පසුව මෙම කාර්යාලය වසරක කාලයකට ස්ථාපිත කෙරුණී.

කෙසේ වෙතත් 2016 නොවැම්බර් 22 ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මඟින් තවත් මාස 6 කට හෙවත් පසුගිය ජුනි 30 දක්වා එහි කාලය දිගු කරනු ලැබීය.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ඉදිරියට පවත්වාගෙන යන්නේ ද නැද්ද පිළිබඳ තීරණය ඊයේ (11) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට යොමු කෙරුණේ එදින නිශ්චිත තීන්දුවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙනි

(DE සිල්වා)