FAST NEWS

24×7 Around the Globe

ටී.එන්.එ ත්‍රෛයිනිකායික මහා නාහිමිවරු හමුවීමට සැරසෙයි..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන් හමුවීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන් මෙරටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මහනාහිමිවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවද සඳහන්ය.

දෙමළ ජාතික සන්ධානයේ අභිලාෂය සියලු දෙනාට පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවද එම සන්ධානය පවසයි.

මහානාහිමිවරුන්ගේ ප්‍රකාශයෙන් පසු දෙමළ ජාතික සන්ධානය එම ප්‍රකාශය ගැන නැවත සිතා බලන්නැයි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබූ අතර මෙම හමුවේදී දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.

(DE සිල්වා)