FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ මැති ඇමතින් 18ක් එකාබද්ධ විපක්ෂයට..

ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන් 18 කට වැඩි පිරිසක්‌ ලබන සැප්තැම්බර් මස මැද භාගය වන විට ඒකාබද්ධ විපක්‍ෂයට එක්‌වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (06 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම මන්ත්‍රීවරුන් තමන් හමු වී පුද්ගලිකව සාකච්ඡා කර තිබෙන බවත් සැප්තැම්බර් මැද වන විට එය බලාගත හැකි බවත් මේ පිළිබඳව මාධ්‍යවේදියකු කළ විමසුමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

(DE සිල්වා)