FAST NEWS

24×7 Around the Globe

කෝට්ටේ අවට ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්..

අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් අනිද්දා (09) පස්වරු 2 සිට සඳුදා අලුයම 2 දක්වා පැය 12 ක කාලයක් කෝට්ටේ අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව දන්වා සිටියි.

ඒ අනුව මොරගස්මුල්ල / රාජගිරිය / ඔබේසේකරපුර / බණ්ඩාරනායකපුර / කොස්වත්ත සහ කෝට්ටේ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය මෙන්ම ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග හා රාජගිරිය ලේක් ඩ‍්‍රයිව් සහ ලේක් ගාර්ඩ්න් ප්‍රදේශවලටද අදාළ කාලය තුල ජලය කපා හැරේ.