FAST NEWS

24×7 Around the Globe

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වැසුවේ බැදුම්කරේ යට ගහන්න…

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමුවේ කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාවේ විමර්ශන කටයුතු යට ගැසීමට බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මාධ්‍ය වෙත පැවසීය.

එ අනුව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමත් සමඟ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයද ඉබේම වැසී යන බව  සමරසිංහ මහතා පෙන්වා දෙයි.

එසේම බැඳුම්කර පිළිබඳ ජනපති විමර්ශන කොමිසම මේ මස 27 වැනි දිනෙන් අවසන් වන අතර අවශ්‍ය නම් ජනාධිපතිවරයාට එය දීර්ඝ කළ හැකි බවත්, පවතින තත්ත්වය සමඟ එය කෙසේවත් සිදු නොවනු ඇති බවද හෙතෙම පවසයි.

අදාළ කාර්යාලය වසා දැමුවද බැඳුම්කර හොරකම පිළිබඳ තමාට ආ ලොකුම චෝදනාවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට ගැලවීමට නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

(DE සිල්වා)