FAST NEWS

24×7 Around the Globe

රවී,රනිල් හා මංගලට එරෙහිව බන්දුල ශ්‍රේෂ්ඨාධිකරණයට යයි..

සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යංශය යටතට පත් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ,ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය රවී කරුණානායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහතවරුන් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩල පනත මේ දක්වා සංශෝධනය කර නොමැති බැවින් විදේශ අමාත්‍යාංශය යටතට පවරා ඇති ලොතරැයි මණ්ඩල එසේ පැවරීමට ඇති ඉඩකඩ පිලිබඳව නිර්වචනය කර ගැනීම සඳහා තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මීන් පෙර ප්‍රකාශ කළේය.

(DE සිල්වා)