FAST NEWS

24×7 Around the Globe

සරණ ගුණවර්ධන අධිකරණය හමුවේ වරද පිළිගනියි..

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා සිය වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(06) සිය වරද පිළිගත්තේය.

ඔහු සභාපති ලෙස කටයුතු කළ 2005 සහ 2007 වසරවල සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකළැයි ඔහුට එරෙහිව නඩු පවරා තිබුණී.

එ අනුව වරද පිළිගත් සරණ ගුණවර්ධනට  දඬුවම් නියම කිරීම ජූලි 20 වැනිදාට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

(DE සිල්වා)