FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව ඩෙංගු මර්දනය කිරීමේ මැජික් පෙන්වනවා..

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අසත්‍ය ප්‍රකාශවලට රැවටී ආණ්ඩුව ඩෙංගු මර්දනය කිරීමේ මැජික් පෙන්වමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ඩෙංගු අධි වසංගත තත්ත්වය බවට පත්ව ඇති මේ මොහොතේදී ඔස්ට්‍රේලියාවෙන් ඩෙංගු කීටයෙකු ගෙන්වා ඩෙංගු මර්දනය කරන බවට මාධ්‍ය සන්දර්ශන පවත්වන බවත්, එම කීටයාගෙන් ඩෙංගු මර්දනය කිරීමට හැකියාව තිබුණා නම් ඔස්ට්‍රේලියාව තමන්ගේ ඩෙංගු ප්‍රශ්නය මේ වනවිට විසඳා ගන්නා බවද එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

(DE සිල්වා)